කැලේ ගහක මල් පිපිලා | Kale gahaka mal pipila



කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා


කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා

 
ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

 
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා


මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ

 

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා



ගායනය, සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මඩවල එස්. රත්නායක


 

No comments:

Post a Comment