F ෴ අමර සර සිරි ෴: ආදර හැඟුම් | Adara hangum
Showing posts with label ආදර හැඟුම් | Adara hangum. Show all posts
Showing posts with label ආදර හැඟුම් | Adara hangum. Show all posts

ආදර හැඟුම් | Adara hangum






ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්
සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්

ගායනය - ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගී පද - දයානන්ද ගුණවර්ධන