අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා



ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව
රත්තනදෙණියේ මේධානන්ද හිමි...

අම ර දේ ව මහත්තයගෙ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු. මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට ඒ පළාත බොහොම පරපදුසිද්ධයි. කොරලවැල්ල ගම ගඟටත්-මුහුදටත් අතරින් පිහිටලා තිබුණේ. මුහුදු වෙරළ ගමේ සුන්දරත්වය වැඩි කළා. අටදෙනෙක් සිටි පවුලේ බාලයා හැටියටයි මම උපදින්නේ. ඒ 1927 දෙසැ. 05.

වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට සංගීතයට නැඹුරු වෙන්න තරම් උත්තේජනයක් සැපයූ පසුබිම මොකක්ද?


ඒක හරි අපූරු ලස්සන කතාවක්. මගේ පියා ඉතා සියුම් වඩු වැඩවලට පර හ දේශයේ ජනපරිගේ යත්වයක් ඉසිලූ නිසා වටාපිටාවේ සිටි සංගීතකාරයන් තමන්ගේ කැඩුණු බිඳුණු වයලීන් අලූත්වැඩියා කරගැනීමට පැමිණියේ තාත්තගේ වඩු මඩුවට. මම ඒ අබලන් වයලීනවල තත් පිරිමදිමින් කුඩාම අවදියේ මහත් ආස්වාදයක්, සතුටක් වින්දනයක් ලැබුවා. මගේ ආසාව තේරුම්ගත් තාත්තා අවුරුදු 07 උපන් දිනයට එයාම අතින් හදපු වයලීනයක් තෑග්ගක් විදිහට මට දුන්නා.

ඊට පස්සේ මොකද වුණේ….


මගේ ලොකු අයියාත් (ඩබ්ලිව්.ඞී. චාල්ස් පෙරේරා) මේ කාලයේ සංගීතය ඉගෙන ගන්න උනන්දුවක් දක්වපු කෙනෙක්. එයා කොරලවැල්ලේ ඉඳන් මරදානේ ඇම්.ජී. පෙරේරා කියන සංගීත ශාස්තරල් ඥයා ළඟට සංගීතය ඉගෙන ගන්න දවස් ගාණක් ගියා. ඒ ගිහින් ඇවිත් එයා ඉගෙන ගත්ත රාග, තාල පිළිබඳ මට එයාට පුළුවන් විදිහට මට කියා දුන්නා. මේ තුළින් වයලීනයෙන් යම් යම් නාද සිත්තම් මවන්නට සහජයෙන්ම හැකියාවක් මට ලැබුණා. හැන්දෑ කාලයේ මුහුදු වෙරළේ ඇවිද ඇවිද ඈත අහසේ වළාකුළු එහා මෙහා පාව යන චලනයට අනුරූපව නාද සිත්තම් සිතින් සිතා මුවින් මුමුණා ආස්වාදයක් ලැබීමට පුරුදු වුණා. ගායනය, වාදනය භාෂණය යන සියලූ දේම මට තිබුණා. සහජ හැකියාව බොහෝ දෙනාට අවබෝධවීමට වැඩි කාලයක් ගතවුණේ නැහැ.

වයලීන් වාදනයට අමතරව ගායනය පැත්තට අමරදේව මහත්තයා නැඹුරු වෙන්නේ කොහොමද?

කුඩා කාලයේ මධුර ලෙස කවි ගායනා කරන්න මට හැකියාවක් තිබුණා. පියා බෞද්ධ නිසා පන්සලේ ආභාසයත් අම්මා මෙතෝදිස්ත ආගමේ නිසා පල්ලියේ ආභාසයත් මට ලැබුණා. කුඩා කාලයේ ඉඳන්ම මම තාත්තා එක්ක පන්සල් යන්නත්, අම්මා එක්ක පල්ලි යන්නත් පුරුදු වුණා. වෙසක්, පොසොන් කාලයට පන්සලේ බැති ගී වගේම සල්පිලේ කියන කවි මගේ දෙසවන් පිනෙව්වා. කවි, ගාථා මධුර ලෙස ගායනා කිරීමට මටත් තිබුණ හැකියාව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අවබෝධ කරගත් පසුව දොරකඩ අස්න කීමට පවා මට පැවරුවා. පසුව සල්පිලේ කවි ගායනා, බැති ගී වගේ ඒවට මාව නැතුවම බැරි කෙනෙක් වුණා. කුඩා අවධියේම ගීතිකා ගායනා කරන්නට තිබූ හැකියාව නිසා පල්ලියටත් එහෙමයි. මාව ඇතුළත් කරගෙන කැරොල් කණ්ඩායමක් පවා හැදුවා.

ඊට අමතරව අමරදේව මහත්තයට ඉස්කෝලේ අත්දැකීම් මේ සඳහා බලපාන්නේ කොහොමද?

මාව ඉස්සෙල්ලාම ඇතුළත් කළේ කොරලවැල්ලේ ශරී් ම සද්ධර්මෝදය බෞද්ධ පාසලට. මේ පාසලේ පරේ ශධානාචාර්ය කු.ජෝ. පරව  නාන්දු මහත්තයා හෙළ හවුලේ කරිප  යාකාරී සාමාජිකයෙක් වගේම මුනිදාස කුමාරතුංග මහත්තයත් බොහොම ළඟින් ඇසුරු කළා. එතුමා මගේ දක්ෂතා හඳුනාගෙන දවසක් කුමාරතුංග මහත්තයා ළඟට රැගෙන ගොස් මාව එතුමාට හඳුන්වලා දුන්නා. කුමාරතුංග මහත්තයා ඉදිරියේ පවා කවි ගායනා කරලා පරන්නශංසාවට ලක්වෙන්න මට වාසනාවක් තිබුණා. කුඩා අවදියේම මෙවැනි පඬිවරු ඇසුරු කරන්න ලැබීමෙන් දේශීය අනන්යනතාවට වගේම භාෂා ශාස්තරා   දියට ඇල්මක් ඇතිවුණා.

මුලින්ම ගුරුවරයකු ගෙන් සංගීතය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම කොරලවැල්ලේ සද්ධර්මෝදය ඉස්කෝලේ 05 පන්තියේ ඉගෙන ගනිද්දී ඩබ්.ජී. පර ම නාන්දු කියන සංගීත ගුරුවරයා කළුතර ඉඳන් කොරලවැල්ලේ මම අධ්යා්පනය ලැබූ ඉස්කෝලෙට මාරුවීමක් ලැබී ආවා. එතුමා මගේ දක්ෂතා මැනවින් හඳුනාගෙන මාව ගායනයට, වාදනයට යොමු කළා. එතුමාගේ ගුරුහරුකම් ලබා මම පාසල් මට්ටමින් තිබුණ හැම කවි ගායනා තරගයකින්ම ජයගරම පහණය ලබා ගත්තා. ගුරුතුමා නැති අවස්ථාවල සංගීත පන්තිය මෙහෙයවීමට පවා එතුමා මට පැවරුවා. මේ වනවිට කොරලවැල්ලට පමණක් සීමාවී තිබුණ මගේ කීර්තිය ටිකෙන් ටික එළියට යන්න පටන් ගත්තා. මේ නිසාම පාසල් කීපයක්ම මට ශිෂ්ය ත්වයක් ලබාදීමට ඉදිරිපත් වුණා.

අමරදේව මහත්තයා ගියාද?

ඔව්. ඊට පස්සේ මම පානදුරේ ශරී    සුමංගල විද්යාාලයට ඇතුළත් වුණා. එහි ටික කලක් ඉඳලා පසුව මොරටුව විද්යා්ලයටත් ගියා. මේ පාසලේ සංවිධානය කළ කවි ගායනා තරගයකින් පළමුවන ස්ථානය දිනාගත්තට පස්සේ එම ගායනය ගුවන්විදුලියෙන් රටටම ඇහෙන්නට ඉදිරිපත් කරන්නට භාග්යය ලැබුණේ මේ කාලයේදීයි. මොරටුව විද්යාතලයෙන් පසුව මට බලපිටියේ සිද්ධාර්ථ විද්යා ලයට යන්නත් සිදුවුණා. මෙහෙම ඉස්කෝලෙන් ඉස්කෝලෙ කට මාරුවෙන්න මට මගේ සංගීත ගුරුතුමත් හේතුවක් වුණා. එතුමා මා කෙරෙහි මොනතරම් පැහැදී සිටියාද කිව්වොත් මම යන යන තැනට එතුමා මාරුවීමක් අරන් ආවා. නැත්නම් එතුමාට මාරුවීමක් ලැබුණ ඉස්කෝලෙට මාවත් එක්කර ගත්තා
.
ඉස්කෝල කීපයකටම මාරුවෙවී යන්න ලැබුණු එක මොන විදිහටද අමරදේව මහත්තයගෙ ජීවිතයට බලපෑවේ?

පඬිවරු බොහෝ දෙනෙක් හඳුනා ගන්න අවස්ථාව උදා වුණා. පළමුවරට කිරිහාමි කියන නාට්ය්යට සංගීතය සම්පාදනය කරන්නට ලැබුණෙත් මොරටුව විද්යානලයේ ඉගෙනුම ලබන කාලයේයි. ඊට පස්සේ බලපිටියේ සිද්ධාර්ථ විද්යායලයට ඇතුළත් වුණාම එහි විදුහල්පති මාර්ගයෙන් අශෝකමාලා චිතරථා පටියේ සංගීත කණ්ඩායම හඳුනා ගන්නත් ලැබුණා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න ඒක බලපෑවා.
අශෝකමාලා චිතරර්ගපටියේ සංගීත කණ්ඩායම හඳුනාගත්තට පස්සේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද?
මේ වෙනකොට මම අවුරුදු 17ක විතර ගැටවරයෙක්. මේ කාලයේදීම මොහොමඞ් ගවුස් මාස්ටර් හඳුනාගන්න ලැබීම ජීවිතේ ලොකු පෙරළියක් වුණා. එතුමා අශෝකමාලා චිතරොකුපටියට සංගීතය සපයන්න ඇවිත් නැවතිලා හිටියේ බම්බලපිටියේ ඡයා පාරේ තිබුණ ශාන්ති කලා නිකේතනයේ. මම ගවුස් මාස්ටර්ට සුරුට්ටු මිටියකුත් රැගෙන දිනපතා බම්බලපිටියට යන්න එන්න පටන් ගත්තා. මගේ හැකියාවන් හඳුනාගත් එතුමා පර ග ධාන වයලීන් වාදකයා ලෙස එතුමාගේ සංගීත කණ්ඩායමට එක්කර ගත්තා. ඊට පස්සේ මම පාසල් අධ්යා පනය නතර කරලා අශෝකමාලා චිතරපට පටියේ නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ මදුරාසි නුවර සෙන්ටර ප ල් චිතරාු සගාරයට ගවුස් මහත්තයා සමග ගියා.

අමරදේව මහත්තයාගෙ චිතරි නපට සංගීතයේ ආරම්භය වගේම චිතර්ුමපට ගායකයකු විදිහට මතුවෙන්නෙත් අශෝකමාලා චිතරසංගපටිය තුළින්ම නේද?

ඔව්. මම සංගීතයෙන් සහය වූවාට අමතරව මේ චිතර‍ය පටියට ඇයි කළේ යමෙක් ආලේ… සහ භවේ භීත හැර දේශිත තිලොනා… යන ගීත දෙක ගායනා කළා. ඒ විතරක් නෙමෙයි මේ චිතර‍පටපටියේ තාපසයගෙ චරිතය රඟපෑවෙත් මම. එවකට නර්තන ශිල්පියෙකු ලෙස පර ග සිද්ධියට පත්වෙලා හිටපු ශාන්ති කුමාර් තමයි මේ චිතරිල්පටියේ අධ්යරක්ෂවරයා. 1947 දෙවන සිංහල චිතර තමපටිය ලෙස මේ චිත්ේ‍රපටිය පරයක්දර්ශනය කළා. ඊට පස්සේ තාපසයගෙ චරිතය රඟපෑ නිසා කොරලවැල්ලේ තාපසයා කියලා පහුවදා පත්තරවලත් ගියා.

අශෝකමාලා චිතරයගෙ පටියෙන් පසු මොකද වෙන්නේ?

චිතරමාලපටියේ වැඩ කටයුතුවලින් පස්සේ ලංකාවට ඇවිත් ගවුස් මාස්ටර් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන සංගීත වැඩසටහන්වලට වයලීන් වාදනයෙන් සහය වුණා. සුනිල් ශාන්තයන්ගේ ආදර නදියේ ගීතයට වගේම මෙතරම් සුන්දර මල් වැනි ගීතවලටත් වයලීන් වාදනයෙන් සහය වුණා. එහෙම ඉන්නකොට දවසක් යූ.ඞී. පෙරේරාගේ ගේය පදරචනයක් වූ රසයි කිරියි ගීතයට සංගීතය සැපයුවේ ගවුස් මාස්ටර්. වයලීන් වාදනය කළේ මම. මේ ගීතය ගරැට  මෆෝන් තැටියට ගායනා කිරීමේදී ගායකයා ගීතය වැරැද්දුවා. අවස්ථා කීපයක්ම වැරදියට ගායනා කළ නිසා ගවුස් මාස්ටර් මා ලවා එම ගීතය ගායනා කෙරෙව්වා. මාව ගරැ   මෆෝන් ගායකයෙක් වෙන්නේ එහෙම. චිතරව්වසේන, පේරපරැමකුමාර වැනි විශිෂ්ට නර්තනවේදීන්ටත්, එදිරිවීර සරච්චන්ද්රිගේ පබාවතී වැනි නාට්ය්වලටත් මම ගායනයෙන් වාදනයෙන් යන දෙකෙන්ම සහභාගි වුණා.
මේ වෙනකොට මම ගුවන්විදුලි ගායනාවලටත් සම්බන්ධ වෙලා ශිල්පියෙක් විදිහට අනන්යාතාවක් ගොඩනගා ගෙන තිබුණා. ඔය කාලේ ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමට භාත්ඛණ්ඬේ සංගීත විද්යාදලයේ අධිපති මහාචාර්ය ශරීිරී රතනජංකර් පඬිතුමා ලංකාවට ආවා. ඉහළම ශ්රේ්ණියේ ගායකයෙකු ලෙස මාව පරීක්ෂණයෙන් තේරුවා. ඊට පස්සේ සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයා මට ඉන්දියාවට ගිහින් වැඩිදුරටත් සංගීතය විධිමත්ව හදාරන්න උපදෙස් දුන්නා. ඊට පස්සෙ ලක්නව්හි භාත්ඛණ්ඬේ සංගීත විද්යාන පීඨයට ඇතුළත් වෙලා වැඩිදුරටත් සංගීතය ඉගෙන ගත්තා. සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයත් මෙයට ඇතුළත් වෙලා සංගීත උපාධියක් ලබාගත් කෙනෙක්. මං වගේ දක්ෂයෙක් සිනමා සංගීතයට පමණක් කොටුවෙලා වැනසෙයි කියලා එතුමා තුළ බියක් තිබුණා.

වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න තරම් වත්කමක් තිබුණද? කොහොමද ඉන්දියාවට යන්නේ…

මේ වෙනකොට එදිරිවීර සරච්චන්ද්රේයන්ගේ පබාවතී නාට්යටයේ සංගීතය සපයලා අපි දෙන්නා අතර ලොකු අවබෝධයක් තිබුණා. එතුමාගේ ඉසිවර නුවණින් මා යන දුර කල්තියාම හඳුනා ගත්තා. එවකට ලංකාදීප පත්තරේ කර්තෘ ඞී.බී. ධනපාල මහතාට මං ගැන කියලා එතුමාගේද සහයෙන් අරමුදලක් ආරම්භ කරලා ඉන්දියාවට යන්න අවශ්යා සැලසුම් සකස් කරලා මට උදව් කළා. විදේශයකට යද්දී දේශීය නමක් සහිතව යන්න ඕන කියලා එතුමා මගේ නම පවා වෙනස් කරනවා. ඇල්බට් පෙරේරා කියලා මුලින් තිබුණ නම වෙනස් කරලා අමරදේවා කියන නම දැම්මේ සරච්චන්ද්රු මහත්තයා. මම ඉන්දියාවට යන්නේ අමරදේව නමින්.


ඉන්දියාවේදී ලැබුණු අත්දැකීම් කොහොමද?

එහිදී අතිවිශිෂ්ට සංගීත ආචාර්යවරුන්ගෙන් සංගීතය පිළිබඳ ශිල්පීය ඥානයත් ඔවුන්ගේ ඇසුරත් ලැබීමට මට හැකිවුණා. ශරීන   විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඞ් අලි-ඛාන් වගේ අයගෙන් ඉගෙන ගන්න ලැබුණා. ශරීල   කෘෂ්ණ නාරායන, රතන ජංකර් වැනි පඬිවරුන්ගෙන්ද සංගීතය හැදෑරුවා. 1955දී සමස්ත ඉන්දීය වයලීන වාදනයෙන් පළමු ස්ථානය දිනා ගන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම 1956 වෙනකොට භාත්ඛණ්ඩ සංගීත විද්යාු පීඨයේ සිටි අති දක්ෂ සංගීතඥයන් 10 දෙනා අතරින් කෙනෙකුවීමටත් මට හැකිවුණා. මගේ නිර්මාණ හැකියාවට පැහැදුණු ශීරඅතර විෂ්ණු ගෝවින්ද් ජෝග් පඬිතුමා තම මුනුබුරාට නම තිබ්බෙත් අමරදේව කියලා.

අමරදේව මහත්තයා ආපහු ලංකාවට එන්නේ කොයි කාලෙද?

මට මතක හැටියට 1959 අවුරුද්දේ තමයි එන්නේ. ඒ එනකොට ගුවන්විදුලිය, ගරැද  මෆෝනය, සිනමාව ඔස්සේ හින්දි, දෙමළ අනුකාරක තනු පැතිරීයමින් තිබුණා. මම ගුවන්විදුලියේ දේශීය අංශයට සම්බන්ධ වෙලා සාම්පරුණාදායික දේශීය සංගීතයක් බිහිකරන්න උත්සාහ ගත්තා. අනුකාරක සංගීත සම්පරදරදදාය පරඅ ශතික්ෂේප කරලා සුනිල් ශාන්තයන්ගේ, ආනන්ද සමරකෝන් වැනි පරගරදවීණයන්ගේ ආභාසය ලබමින් දේශීය සංගීතයක් බිහිකර ගන්න කටයුතු කළා. ජන ගායනා, මධුවන්ති, රස මියුරු වැනි වැඩසටහන් ගුවන්විදුලිය හරහා විකාශය කළා.

අමරදේව මහත්තයට බොහෝ ගීත ලිව්වේ මහගමසේකර. මේ සේකර-අමරදේව සුසංයෝගය සිද්ධවෙන්නේ කොහොමද?

ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ සම්භාව්යට වැඩසටහන් කීපයක්ම විකාශය කළා. ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ සම්භාව්යශ ගීත වැඩසටහනක් තමයි මධුවන්ති. මේ වැඩසටහන නිෂ්පාදනය කළේ එච්.එම්. ගුණසේකර. ගීත ලිව්වේ මහගමසේකර. සංගීත උපදේශක මණ්ඩලයේ සරච්චන්ද්ර ත් හිටියා. සේකරගේ පරගමසතිභාන්විත ගී පදමාලාවලට මගේ හඬ මැනවින් ගැළපුණා. සේකරට තිබුණ ගීතය කාව්යමක් ලෙස රචනා කිරීමේ දක්ෂතාවක්. මේ මධුවන්ති වැඩසටහන හරහා තමයි අපි දෙන්නා එකතුවෙන්නේ. ඒ කාලේ බොහෝ දෙනා කිව්වේ ගී පොතයි-මී විතයි කියලා. ගී පොත සේකර. මීවිත මම.

අමරදේව මහත්තයට බිරිඳ මුණගැහෙන්නේ කොහොමද?

එයත් සංගීත දිවියේම කොටසක්. ගුවන්විදුලියෙන් දේශීය සංගීත සම්පරව මදායක් ගොඩනගා ගැනීමට ආරම්භ කළ තවත් වැඩසටහනක් තමයි ජන ගායනා වැඩසටහන. ජන ගී මේ වැඩසටහන හරහා විකාශය කළා. මේකට කවි ගායනා ඉදිරිපත් කරන්න ආව අයගෙන් කෙනෙක් තමයි විමලා. එයාගෙ කවි අහලා රසවත් වෙලා තමයි මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ. පස්සෙ මමත් එයාට කවියක් ලිව්වා.


මොකක්ද ඒ කවිය. කියන්න කැමතිද?

අතැර නොයන සෙවණැල්ලක් සේ    රඳන
නිතර සදාලන සුවසෙත                   රැකවරණ
කවිය තුළින් ජන ආරේ රස              මවන
සවිය ඔබයි විමලාවතී මන               නදන




උපුටා ගැන්ම - රාවය

No comments:

Post a Comment