පාලොස්වක සඳ | Paaloswaka sanda



පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා
එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැල් නැගුනා
සවනත බිඟු ගී රැල් නැගුනා

පාලොස්වක සඳ පායනු වැන්නේ...

කියා ගන්න බැරුවා
සිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා
තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මලා පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

පාලොස්වක සඳ පායනු වැන්නේ...



ගායනය - නීලා වික්‍රමසිංහ, ඩබ්.ඩී. අමරදේව

ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස



No comments:

Post a Comment