ආදරයද මේ. | Adarayada Me



ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....


නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....

ගායනය පන්ඩිත් අමරදේවයන්
සංගීතය - අරුණ ගුනවර්ධන
පද රචනය - ජානක සිරිවර්ධන 
අග්නි ටෙලිනාට්‍යයේ තේමා ගීතය

  

 

No comments:

Post a Comment